හාලිඇල ප්‍රාදේශීය සභාව සතු වාණිජ ගොඩනැගිල්ල බදු දිම.
හාලිඇල ප්‍රාදේශීය සභාව
ප්‍රසම්පාදන දැන්වීමයි
හාලිඇල ප්‍රාදේශීය සභාව සතු වත්කම් බදුදීම 2025
හාලිඇල ප්‍රාදේශීය සභාවට අයත් පහත උප ලේඛනයේ සඳහන් දේපල 2025 -11-21 දින සිට 2030 11-20 දින දක්වා කාල සීමාවට බදු දිම.
.
ලංසු පත්‍රිකා විවෘත කරන අවස්ථාවේදී ලංසුකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුගේ සහභාගී වීම අපේක්ෂා කරන අතර, එම අවස්ථාවට නියෝජිතයෙකු සහභාගි කර වීම ඔබගේ වගකීමකි. ලංසු පත් සම්බන්ධ අවසන් තීරණය ගැනීම ප්‍රසම්පාදන මණ්ඩලය සතු වේ.වැඩි විස්තර කාර්යාල දිනයන්හි දී කාර්යාලයට පැමිණ හෝ දුරකථනය මඟින් පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා විමසා දැන ගත හැකිය. (දුරකථන අංකය: 055-2294275)
උපදෙස්
1.ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.
2.ලංසුපත් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධව ප්‍රසම්පාදන මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.විරෝධතා ඇත්නම් ප්‍රසම්පාදන මණ්ඩලයේ දී ලබා දෙන වේලාව තුලදී එම විරෝධතා ඉදිරිපත් කල යුතු අතර, ඒවා සලකා බැලීමෙන් පසු ප්‍රසම්පාදන මණ්ඩලය විසින් ලබාදෙන තීරණය පිළගත යුතුවේ. ප්‍රසම්පාදන මණ්ඩලයේ තීරණය අවසන් තිරණය වේ.
3.පිටපත් දෙකකින් සම්පූර්ණ කරන ලද ප්‍රසම්පාදන ලංසුපත්‍ර වෙන වෙනම ලියුම්කවර වල බහා මුල් පිටපත හා දෙවන පිටපත වශයෙන් සටහන් කර පසුව එම ලියුම් කවර දෙකම එක ලියුම් කවරයකට දමා මුද්‍රා තැබිය යුතුය.සෑම ලිපි කවරයකම වම්පස ඉහල කෙළවරේ ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලංසුව කුමක් සඳහාද යන්න සඳහන් කර (“…………(ස්ථානය)…………(අංකය) දේපල සඳහා ලංසුව”) 2025-11-21 දින ප.ව 2.00 ට පෙර සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය, ප්‍රාදේශීය සභාව,හාලිඇල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ සභා ලේකම් නිල කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට අතින් ගෙනවිත් බහාලීම මඟින් ඉදිරිපත් කළ හැකිය.
4.ප්‍රසම්පාදන කමිටුව මගින් ප්‍රසම්පාදන ලංසු විවෘත කිරීමෙන් අනතුරුව ජයග්‍රාහී ලංසුකරු තෝරා ගැනීමෙන් පසු ජයග්‍රාහී ලංසුකරු විසින් ඉදිරිපත් කරන ලද ලංසු මුදලින් 10 % ක මුදලක් ලංසු විවෘත කළ දිනයේ ප.ව. 3.00 ට පෙර කාර්යාලයට ගෙවීම සිදු කර ලදුපත ලබා ගත යුතුය.
5.ඉහත උපදෙස් පරිදි කටයුතු නොකරන සියළු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
උප ලේඛණය
කාණ්ඩ අංකය – හාලි ඇල ප්‍රාදේශිය සභා බහුකාර්ය ගොඩනැගිල්ල(බිම් මහළ පමණක්)
දේපලයේ ස්වභාවය – වර්ග අඩි – 2888
ටෙන්ඩර් පෝරම ගාස්තු – රු.5,000.00 (ආපසු නොගෙවන)
ටෙන්ඩර් ඇප – රු.10,000.00 (ආපසු ගෙවන)
අවම ලංසුව – රු.150,000.00(මසකට)
වාර්ෂික-150,000.00 X 12 = 1,800,000.00